ගැම්බියාව අත්හැර පළාගිය එරට හිටපු ජනපති යහ්යා ජම්මෙහ් සමග එරට රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබූ ඇ.ඩො.මිලියන 11ක් අතුරුදන්ව ඇති බව නව ජනපති අඩමා බැරොව්ගේ උපදේශකයෙකු පවසයි.
මායි අහ්මඩ් ෆැටී නමැති උපදේශක පවසන්නේ හිටපු ජනපතිවරයාගේ පළායෑමත් සමග සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මූල්‍ය විශ්ෂඥයන් දැනටමත් පරීක්ෂණයක් අරඹා ඇති බවයි.
මේ අතර, හිටපු ජනාධිපතිවරයා පළා යන අවස්ථාවේදී චාද් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක අධි සුඛෝපභෝගී මෝටර් රථ මෙන්ම, තවත් වටිනා බඩුබාහිරාදිය පටවාගෙන ගොස් ඇති බවද මේ වනවිට අනාවරණය වෙමින් පවතී.
වසර 22ක අඛණ්ඩ පාලනයකින් පසුව ජෙම්මෙහ් ජනාධිපතිවරයා ගැම්බියාව අත්හැර පළාගියේ අසල්වාසී රාජ්‍යයන්ගෙන් සිදුවූ බල කිරීම හා හමුදා ආක්‍රමණයක් සිදුවෙතැයි යන බියෙනි.
පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවත්, මැතිවරණය දූෂිත බව පවසමින් හිටපු ජනාධිපතිවරයා බලය අත්නොහැර සිටින විට, මැතිවරණයෙන් ජයගත් වත්මන් ජනාධිපති අඩමා බැරොව් සෙනගලයේ පිහිටි ගැම්බියා තානාපති කාර්යාලයේ සිට නව ජනපති ලෙස දිවුරුම් දුන්නේය.