ගැම්බියා ජනාධිපති යහුයා ජමේහ් විදේශගතව සිටියදී රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් නොපැවති බව එරට රජය අවධාරණය කරයි.
රජයේ ගුවන්විදුලිය හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් බටහිර අප්‍රිකානු රාජ්‍යය පවසන්නේ කටකතාවලට නොරැවටෙන ලෙසයි. රට තුළ සාමය හා ස්ථාවරත්වය තවදුරටත් පවතින බව එහි වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේ වෙතත් ගැම්බියා ජනාධිපතිවරයාගේ නිල නිවස ආසන්නයේදී ඊට පෙර දරුණු වෙඩි හුවමාරුවක් සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.
1994 වසරේදී කුමන්ත්රණයකින් බලය අල්ලා ගත් ජමේහ් පාලනයට එරෙහිව මේ වනවිට රට තුළින්ම විරෝධයක් මතුවෙමින් තිබේ.