ගාසා තීරයේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් අනාථ කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය පාසලක් වෙත එල්ල වූ ෂෙල් ප්රහාරයකින් පුද්ගලයන් 15ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 200ක් පමණ තුවාල ලැබූ බව වාර්තා වෙයි.
මෙම පාසල තුළ පලස්තීනුවන් සිය ගණනින් සිට ඇති අතර, ඔවුන් දැඩි ප්රහාර සිදුවන කලාපයෙන් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා පැමිණි පිරිස් බව කියැවෙයි.
හමාස් සංවිධානයට එරෙහිව ඊශ්රායලය එල්ල කරන ප්රහාරයන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ගොඩනැගිනි සංකීර්ණයක් ඉලක්ක වූ සිව්වැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.