ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාර ඇරඹීමත් සමග ගසා තිරයේ වඩාත් දරුණුතම ෂෙල් ප්රහාරයන් මේ වනවිට දැකගත හැකි බවත්, එක් දිස්ත්‍රික්කයක් තුළ පමණක් පුද්ගලයන් 60ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් කියැවෙයි.
පලස්තීන ජනාධිපති මහමූද් අබ්බාස් පවසා සිටින්නේ ගාසා නගරයෙන් නැගෙනහිරට පිහිටි ෂිජයියා පළාතේ මහා මනුෂ්‍ය සංහාරයක් සිදුවන බවයි.
එමෙන්ම ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ ගාසා තීරය පුරා සිරුරු විසිරී ඇති ආකාරය දැකගත හැකි බවයි.
මානුෂීය සටන් විරාමයක් එම කලාපයේ ඇති වුවත්, එය පැයකට වඩා වැඩි කාලයක්වත් නොපැවති බවද කියැවෙයි.
මීට පෙර ඊශ්‍රායලය පවසා සිටියේ තමන් ගාසා තීරයේ සිදුකරන ගොඩබිම් ප්රහාරයන් වැඩි කරමින් මීට දින 13කට පෙර හමාස් සංවිධානයට එරෙහිව ආරම්භ කළ සටන පුළුල් කරන බවයි.