ග්‍රීසියට බලපෑ දැඩි වර්ෂාපතනයක් සමග ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් නිසා මධ්‍යම ග්‍රීසියේ පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මධ්‍යම ග්‍රීසියේ කාර්මික නගරයක් වූ මන්ඩ්රා, නිආ පෙරාමොස් සහ මෙගාරා මෙන්ම, ඇතන්ස් අගනගරයේ බටහිර පෙදෙස ගංවතුරෙන් බලවත් පීඩාවට පත් ප්‍රදේශ ලෙස සැලකෙයි.
මියගිය වැඩි පිරිසක් වයෝවෘද්ධ පුද්ගලයන් වන අතර, ඔවුන්ගේ සිරුරු පසුව එම නිවෙස්වල තිබී සොයාගෙන ඇත.
මේ වනවිට මංමාවත් රැසක් මඩ වතුරෙන් පිරී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පවසයි. මේ අතර, මෙම හදිසි අවස්ථාව හමුවේ සිදුවූ ඛේදවාචකය හේතුවෙන් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීමට අගමැති ඇලෙක්සි සිප්රාස් කටයුතු කර තිබේ.
මේ අතර, ගංවතුර හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් 37 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත්, තවත් පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බැවින් මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවත් මන්ඩ්රා නගරාධිපතිවරයා පවසයි.