ග්‍රීක ආර්ථිකය ණය අර්බුදයෙන් ගොඩගැනීම සඳහා තෙවැනි වරටත් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සාකච්ඡාවට බඳුන් කිරීම සඳහා අද (12දා) පැවැත්වීමට නියමිත වූ යුරෝපා කවුන්සිලයේ සැසිවාරයක් අවලංගු කළද, එය යළිත් සාකච්ඡාවට බඳුන් වීමට නියමිතය.
යුරෝපා කවුන්සිලයට අයත් සියලු රටවල මුදල් අමාත්‍යවරු ඊයේ රාත්රියේදී මෙම සමුළුව අවලංගු කිරීමට කිරීමට තීරණය කර තිබුණත්, එම කවුන්සිලයේ සභාපතිවරයා පසුව පවසා තිබුණේ මෙම සාකච්ඡා ඉදිරියට පැවැත්වෙනු ඇති බවයි.
ඒ අනුව, ග්‍රීසිය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, එය යූරෝ කලාපයෙන් ගිලිහීමේ අවදානමක් පවතී.
සාකච්ඡා අසීරු අඩියක පැවතියත්, එය කටයුතු අඛණ්ඩව සිදුකරන බව යූරෝ කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සභාපතිවරයා පවසා සිටියේය.