තුර්කි වෙරළට ආසන්න සාගරයේ ඇති වූ භූ කම්පනයකින් ග්‍රීක දූපතක් වූ කෝස් හි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 6.7ක් ලෙස සටහන් වී තිබුණු අතර, එය තුර්කි වෙරළට කිලෝ මීටර් 12ක් පමණ ඔබ්බෙන් වූ කෝස් දූපත ආසන්න මුහුදේ ඇති වී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
කෝස් නගරාධිපතිවරයා පවසා සිටියේ මෙම භූ කම්පනයේ බලපෑමෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
භූ කම්පනයත් සමග තුර්කි වෙරළ කලාපයේ කුඩා සුනාමි තත්ත්වයක්ද වාර්තා වූ බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.