ගල් ගැහෙන හීතලේ කොරියා - ඇමෙරිකා යුද අභ්‍යාස ඇරඹේ
ඇමෙරිකානු මැරීන් භටයන් සහ දකුණු කොරියානු හමුදාව සෙල්සියස් අංශක ඍණ 20ක් තරම් අතිශය සීතල පරිසරයක සිය යුද අභ්‍යාස අරඹා ඇති බව වාර්තා වෙයි.
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව මෙම අභ්‍යාස ආරම්භ වීමද විශේෂත්වයකි.
මෙය උතුරු කොරියාවට මෙන්ම, චීනයටද පෙන්ටගනයෙන් සිදුකරන අනතුරු ඇඟවීමක් බව විචාරකයෝ පවසති.
ජපානයේ ඔකිනාවා හි කඳවුරු බැඳ සිටින මැරීන් භටයන් මෙම යුද අභ්‍යාසවලට සම්බන්ධ වී සිටින අතර, ඔවුන් දැඩි සීත පරිසරය තුළ ගරිල්ලා යුද අභ්‍යාස රැසක් සිදුකරන බව වාර්තා වෙයි.
ඇමෙරිකානු, ජපාන හා දකුණු කොරියානු යුද නෞකා උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි මිසයිල ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සිදුකළ යුද අභ්‍යාසයකින් දිනකට පසුව මෙම හමුදා අභ්‍යාසයද ආරම්භ වී තිබේ.
ආසියාව තුළ චීනය බලවත් වන පරිසරයක, ඇමෙරිකානු යුද ශක්තිය හා ඇමෙරිකානු යුද උපදේශ ආසියාවට ලබාදීමේ ඇමෙරිකානු න්‍යාය පත්‍රයද මෙම යුද අභ්‍යාස හරහා පිළිබිඹු වන බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

