ගංවතුරට හසු වූ ඌරු කොටුවක සිටින 6,000ක් පමණ ඌරන් බේරාගත නොහැකිව, එම සතුන් හමුවේ සංවේදී සමුගැනීමක යෙදෙන ගොවීන් දෙදෙනෙකුගේ ඡායාරූප එරට සමාජජාල තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.
චීනයට බලපා ඇති අයපත් කාලගුණය නිසා එරට පළාත් කිහිපයක් සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යට වූ අතර, මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් සිය ගණනක් මිනිස් ජීවිතද අහිමි වූහ.
කඳුළු පිසිමින් තමන් හදාවඩා ගත් ඌරන්ට සමුදෙන ගොවීන් දෙදෙනා දෙස කරකියාගත දෙයක් නොමැතිව බලාසිටින ඌරන් සමජජාල පරිශීලකයන්ගේ හද කම්පා කර ඇති අතර, එම සතුන් බේරාගැනීමට කටයුතු කරන ලෙස සමාජජාල හරහාම දැවැන්ත ඉල්ලීමක් සිදුව ඇත.
සඳුදා දිනයේ සිට මෙම සතුන් රැඳි ඌරු කොටු අඩක් ජලයෙන් යටවී තිබූ අතර, මහජන සෞඛ්‍ය හේතූන් මත එම සතුන් වෙනත් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යෑම අපහසු වී ඇත. මේ තත්ත්වය තුළ ගංවතුරෙන් බේරීමට මිනිසුන් ආරක්ෂිත ස්ථානයක් කරා යෑම හැර එම සතුන් ගෙන යෑමට ගොවීන්ට අවස්ථාව හිමි වී නැත.
කෙසේ වෙතත්, එරට මාධ්‍ය වාර්තාවන්ට අනුව පසුව එම සතුන් සිටින ස්ථානය වෙත මුදාගැනීමේ කණ්ඩායමක් යවා ඇති බවත්, එම සතුන් බේරාගැනීමට හැකිවූ බවත් කියැවෙයි.