හොංකොං ඩොලර් මිලියන 525ක් (රු.කෝටි 900ක් පමණ) රැගෙන යමින් තිබූ වෑන් රථයක් අනතුරට පත්වීමෙන් පසු එහි වූ මුදල් පාරේ ගමන් කළ අය විසින් පැහැරගෙන ගොස් ඇති බවත්, එම මුදල් වහාම නැවත ලබාදීමට කටයුතු කරන ලෙසත් එරට පොලීසිය ඉල්ලීමක් කර තිබේ.
වෑන් රථය අනතුරට ලක්වීමත් සමග හොංකොං හොංකොං ඩොලර් මිලියන 35ක් (රු.කෝටි 58ක් පමණ) පාරේ විසිරී ඇති බව කියැවෙයි.
ඇසින් දටු සාක්ෂිකරුවන් පවසන්නේ මුදල් නෝට්ටු පාරේ විසිරීමත් සමග ජනතාව පොදි කමින් ඒවා එකතු කරගෙන ගිය බවයි.
කෙසේ වෙතත් අවසානයේදී පොලීසියේ මැදිහත් වීමෙන් එම ස්ථානය ආරක්ෂා කිරීමට පියවර ගත් බව කියැවෙයි.