මීට වසර දෙකකට පෙර ඉතාලිය ආසන්න ගිග්ලියෝ දූපත් ආසන්නයේදී ගිලුණු කොස්ටා කොන්කෝඩියා නෞකාව ගොඩගැනීමේ මෙහෙයුමෙන් පසු, නැවත යාත්‍රා කිරීම අරඹමින් එය අලුත්වැඩියාව සිදුවීමට නියමිත ජෙනෝආ වරාය වෙත ළඟා වූ බව වාර්තා වෙයි.
සාගර ඉතිහාසයේ දැවැන්තම මෙහෙයුම සිදුකරමින් කොස්ටා කොන්කෝඩියා නෞකාව සාගර පතුලින් ඉහළට එසවීමේ මෙහෙයුම සිදු විය.
2012 ජනවාරි මාසයේදී සාගරයේ ගිලුණු කොස්ටා කොන්කෝඩියා නෞකා අනතුර හේතුවෙන් පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මනුෂ්‍ය ඝාතනය හා නෞකාව අත්හැරීම යන චෝදනා යටතේ නෞකාවේ කපිතාන් ෆ්රැන්සෙස්කෝ ෂෙටීනෝ මෙම අනතුර සම්බන්ධයෙන් චෝදනා ලැබීය.
නෞකාවේ ගමන් කළ නාට්‍යාංගනාවකගේ ගැහැණු මායමකට හසුවීමෙන් නෞකාව මේ ආකාරයෙන් දූපත ආසන්නයෙන් ගමන් කරවීම මෙම අනතුරට හේතුවක් බවද එකල මාධ්‍යයේ වාර්තා විය.