කොලොම්බියාවේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන මෙඩෙල්ලින් නගරය ආසන්නයේ රික්ටර් පරිමාණ 5.9ක භූ කම්පනයක් සිදුව තිබේ.
වසර ගණනාවකට පසුව සිදුවූ මෙම දැවැන්ත භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපොළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා නොවූවත්, එය බටහිර මුටාටා නගරයට ආසන්නව කිලෝමීටර් 10ක් පොළොව අභ්‍යන්තරයේ සිදුව තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි කොලොම්බියාවේ අගනගරය වන බොගොටා නුවරටද භූ කම්පනය තදින් දැනී ඇත.
කොලොම්බියාව වෙත ප්‍රබල භූ කම්පනයක් මීට පෙර ඇති වී තිබුණේ 2015 මාර්තු මාසයේදීය. රික්ටර් පරිමාණ 6.6ක් ලෙස එය වාර්තා වුවත් ඉන් විශාල හානියක් සිදු නොවීය.
කෙසේ වෙතත්, 2008 වසරේදී එල් කැල්වාරියෝ හි ඇති වූ රික්ටර් පරිමාණ 5.6ක භූ කම්පනයෙන් පුද්ගල ජීවිත 11ක් අහිමි විය.