උතුරුදිග කොලොම්බියාවේ බස් රථයක් ගිනිගැනීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 30ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති ඉවත්, ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 14ට අඩු දරුවන් බවත් වාර්තා වෙයි.
ක්‍රිස්තියානි පල්ලියක පැවති දේව මෙහෙයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටින අතරතුර මේ අවාසනාවන්ත ඉරණමට බස් රථය ලක්ව ඇති බව කියැවෙයි.
ගින්න හටගැනීමට හේතුව තවම තහවුරු නොවූවත්, එරට මාධ්‍ය පෙන්වා දෙන පරිදි මෙම බස්රථය පෙට්ට්‍රල් ජාවාරම් සඳහා යොදාගෙන ඇති බවට විශ්වාස කෙරෙයි.
එරට පොලිස් ප්‍රකාශක කර්නල් ආඩන් ලියෝන් පෙන්වාදුන් පිරිදි මෙම අනතුර හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු දිවි ගලවාගෙන තිබේ.
නමුත්, ඔහු අනතුරු අඟවා සිටියේ මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවයි.
මේ අතර, සිද්ධිය වූ ප්‍රදේශයේ ජනතාව චෝදනා කළේ ගිනිනිවන හමුදාව එම ස්ථානයට පැමිණීමට ප්‍රමාද වූ බවයි.
කොලොම්බියා ජනාධිපති ජුආන් මැනුවෙල් සන්තෝස්, බොගෝටා නගරයෙන් කිලෝමීටර් 750ක් පමණ උතුරින් වූ මෙම අනතුර සිදුවූ ස්ථානයේ සංචාරය කිරීමට නියමිතව තිබුණි.