කොලොම්බියාව තුළ දශක පහකට ආසන්න කාලයක් පුරා ඇවිලුණු යුද ගැටුම්වල අවසානයක් සනිහටුන් කරමින් එරට රජය ෆාක් ගරිල්ලන් සමග සාම ගිවිසුමකට එළැඹ තිබේ.
කොලොම්බියාවෙන් වාර්තාවන ආකාරයට මෙම සුවිශේෂී උත්සවයට සහභාගී වීම සඳහා ලොව පුරා රාජ්‍ය නායකන් විශාල පිරිසක් පැමිණ ඇත.
මෙම යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට කොලොම්බියාව තුළ ජීවිත පරිත්‍යාග කළ පිරිස 250,000 ඉක්මවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කොලොම්බියානු රජය හා ෆාක් ගරිල්ලන් අතර වසර හතරකට අධික කාලයක් පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සාම ගිවිසුම සඳහා අත්සන් කර තිබේ.
රජය හා ගරිල්ලන් අතර ඇති කරගත් මෙම සාම ගිවිසුමට ප්‍රධාන කැරලි නයකයාගේ ඒකමතික අනුමැති ප්‍රකාශයට පත්කර තිබූ අතර, මෙහි සතුට සැමරීමට කර්තග්හෙනා අගනුවර උත්සව රැසක් සංවිධානය කොට තිබුණි.