පුද්ගලයන් 459 දෙනෙකු රැගෙන දකුණු කොරියාවේ ජේජු දූපතේ සිට යාත්රා කරමින් තිබුණු මගී ප්රවාහන නෞකාවක් පෙරළී දියබත් වීමෙන් එහි ගමන් කරමින් සිටි 300කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බව දකුණු කොරියාවේ වෙරළාරක්ෂක අංශ පවසයි.
එරටින් ලැබෙන තොරතුරුවලට අනුව අනතුරට පත් යාත්රාවේ ගමන් කළ අයගෙන් වැඩි පිරිසක් පාසල් විනෝද චාරිකාවක නිරත වී සිටි පාසල් සිසුන් බව කියැවෙයි.
කෙසේ වෙතත් ගලවා ගැනීමේ මෙහෙයුම් දිවා රෑ නොබලා සිදුවන අතර නෞකා සහ හෙලිකොප්ටර් යානා කිසිදු විවේකයකින් තොරව මෙහෙයුම්වල නිරත වන බව වාර්තා වෙයි.
ලැබෙන වාර්තා අනුව මේ වනවිට මුදවාගෙන ඇති පිරිස 164ක් පමණ වෙයි. එමෙන්ම මියගිය අයගේ සිරුරු හතරක් හමුවී ඇති බවද කියවුණි. මේ අතර, මෙහෙයුම් සඳහා විශේෂ කිමිඳුම් කණ්ඩායම්ද පිටත්කර යවා තිබුණි.
මීට වසර කිහිපයකට පෙර අනතුරට පත් කොස්ටා කොන්කෝඩියා නෞකාව සිහිගන්වන ආකාරයෙන් සාගරයේ පෙරළී තිබූ නෞකාව ක්රම ක්රමයෙන් දියබත්වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
කෙසේ වෙතත්, යාත්රාව දියබත් වීමට පෙර මුදවා ගැනීමේ කණ්ඩායම් යුහුසුළු වෙමින් යම් පිරිසක් මුදවා ගැනීමට කටයුතු කළ බවද කියවුණි.
වාර්තා වන තොරතුරුවලට අනුව පසුගිය වසර 20ක කාලය තුළ දකුණු කොරියාවෙන් වාර්තා වන දරුණුතම යාත්රා අනතුර මෙය විය හැකි බවද කියැවෙයි.
මේ අතර ඇමෙරිකානු යුද නැවක්ද අනතුර සිදුව ඇති කලාපයට යවා ඇති බව වාර්තා වෙයි.