කොන්ඩම් යන්ත්‍රයක් පිපිරී තරුණයෙක් මරුට
කොන්ඩම ලබාගැනීමේ යන්ත්‍රයක් පුපුරුවා හැරීමට උත්සාහ කළ ජර්මානු තරුණයෙක් එම පිපිරීමට හසුවීමෙන්ම ජීවිතක්ෂයට පත්ව තිබේ.
උපත් පාලන කොපු හෙවත් කොන්ඩම පහසුවෙන් ලබාගැනීම සඳහා යුරෝපා රටවල තැනින් තැන මෙවැනි යන්ත්‍ර ස්ථානගත කිරීම සාමාන්‍ය තත්ත්වයකි.
ඒ අනුව, එසේ ස්ථානගත කර ඇති කොන්ඩම් යන්ත්‍රයක් පුපුරුවා හැරීම සඳහා නිවසක සෑදූ බෝම්බයක් නත්තල් දිනට පෙර දිනයේදී එහි සවිකිරීමට ජීවිතක්ෂයට පත්වූ තරුණයා හා තවත් තරුණයන් දෙදෙනෙකු ක්‍රියාකර තිබේ.
අදාල යන්ත්‍රය පුපුරුවා හැරීමට බෝම්බය සවිකර තමන් පැමිණි මෝටර් රථයට මුවාවී ආරක්ෂා වීමට පෙර එකී බෝම්බය පිපිරී යාම නිසා මෙම තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව, බෝම්බය පිපිරීමත් සමග වීසි වී ආ යකඩ කොටසක් මෙම තරුණයාගේ හිස පසාරු කරගෙන ගොස් තිබේ.
පසුව ඔහුගේ මිතුරන් දෙදෙනා විසින් තම මිතුරා තරප්පු පෙළකින් වැටුණු බව පවසා රෝහල් ගත කර තිබේ. කෙසේ වෙතත්, රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහිදී මිතුරන් සත්‍ය සිදුවීම ප්‍රකාශ කර තිබේ.
පොලීසිය පවසන්නේ, මොවුන්ට අදාළ කොන්ඩම් යන්ත්‍රයෙන් මුදල් හෝ කොන්ඩම් සොරාගැනීමටද අවස්ථාවක් ලැබී නොමැති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

