කෙන්යාවේ ජල වේල්ලක් කැඩී 20ක් මරුට - 2000ක් අවතැන්
කෙන්යාවේ සෝලායි නගරයේ පටේල් ජල වේල්ල කඩාගෙන යෑම නිසා විශාල විනාශයක් සිදුව, මිනිස් ජීවිත 20ක් අහිමිව ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ඊයේ (09දා) රාත්රියෙහි මෙම අනතුර සිදුව ඇති අතර, කෙන්යාවේ අගනගරය වන නයිරෝබි නුවරට කිලෝමීටර් 190ක් පමණ වයඹදිගින් මෙම සෝලායි නගරය පිහිටා ඇති බව කියැවේ.
කෙන්යානු රතු කුරුස සංවිධානයේ වාර්තාවලට අනුව පුද්ගලයන් 40ක් පමණ බේරාගැනීමට ඔවුන්ට හැකිවී තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් මෙම වේල්ල කැඩීගොස් ඇති බවත්, මේ හේතුවෙන් පුද්ගලයන් සිය ගණනකට නිවාස අහිමිව තවත් 2,000ක් පමණ දෙනා අවතැන්ව සිටින බව එරටින් ලැබෙන වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම අනතුර හේතුවෙන් සිදුව ඇති විනාශයේ සැබෑ ස්වරූපය මෙතෙක් පැහැදිලිව වාර්තා නොවන බවද විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ සිද්ධිය හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි ප්රමාණයද මෙතෙක් නිවැරදිව ගණනය කර නොමැති නිසාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





