ශරීරයට තදවූ 'ටයිට්' සායකින් සැරසුණු කෙන්යානු පොලිස් නිලධාරිනියකගෙන් සමාජ ජාලයක් ඇවිලී ගිය පුවතක් වාර්තා වෙයි.
කෝප්රල් ලින්ඩා ඔකෙල්ලෝ 'ටයිට්' සායකින් සැරසී සිටීම හේතුවෙන් ඇයට පොලීසියෙන් දඬුවම් පැමිණ වීමේ පුවතත් සමග ට්විටර් ජාලය වඩාත් ප්රකෝපකාරී වෙමින් ඇයට සහාය පළ කිරීමේ පණිවුඩ හරහා උද්ඝෝෂණයක් ඒ තුළිම ඇති කර ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් කෙන්යාවේ පොලිස් නිල ඇඳුම් පිළිබඳ සිරස්තල මතුවූ ප්රථම අවස්ථාව මෙය නොවන බවද කියැවෙයි.
පොලිස් නිලධාරිනියන් සේවයේ සිටියදී ලිප්ස්ටික් ගැල්වීම හෝ එල්ලා හැලෙන කරාබු පැළඳීම තහනම් කෙරුනේ පසුගිය වසරේදීය.