උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සමග පැවැත්වීමට නියමිත ඓතිහාසික හමුවට මේ වනවිට පවතින්නේ ඉතා සැලකිය යුතු අවස්ථාවක් පමණක් බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඒ අනුව, මෙම හමුව සඳහා උතුරු කොරියාව විසින් සම්පූර්ණ කළ යුතු කොන්දේසි ඔවුන් ඉටුකළ යුතු බව පවසන ඇමෙරිකාව, එසේ නොවුණහොත් මෙම හමුව පසුවට කල්යනු ඇති බවද කියා තිබේ.
දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් ඇමෙරිකාවේ ධවල මන්දිරයේදී ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් දක්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, උතුරු කොරියාව පවසන්නේ ඒකාපාර්ශ්වීයව තමන්ට පමණක් න්‍යෂ්ටික අවි අත්හරින ලෙස ඇමෙරිකාව පවසන්නේ නම් තමන් මෙම හමුවෙන් ඉවත් වන බවය.
කෙසේ වෙතත්, උතුරු කොරියාව විසින් ඉටුකළ යුතු කොන්දේසි මොනවාද යන්න ට්‍රම්ප් පවසා නොමැති අතර, එහිදී, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට ට්‍රම්ප් පවසා තිබුණේ ඔවුන් අනිවාර්යයෙන්ම න්‍යෂ්ටිකහරණය විය යුතු බවය.