කැනඩාවේ, ෆෝට් මැක්මෙරි ප්රදේශයේ පැතිරී යන විශාල ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් එම නගරයේ සියලු ජනයා ඉවත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
බලධාරීන් පවසන පරිදි නගරයේ ජීවත් වූ 80,000ක පමණ ජනතාවක් මේ වනවිටත් සිය දේපොළ අතහැර ආරක්ෂිත ස්ථාන කරා ගොස් තිබේ.
මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිටත් නගරයේ නිවාස රැසක්, ඉන්ධන පිරවුම්හල් ඇතුළු තවත් පොදු දේපොළ රැසක්ද මුළුමනින්ම විනාශ වී ඇති බව කියයි.
එමෙන්ම, ගින්න පැතිරී යන විට මෙම ප්රදේශයෙන් ඉවත් වීමද දැඩි පරිශ්රමයකින් සිදුකර ඇති අතර, ප්රධාන මාර්ගයේ දකුණුදිග ප්රදේශය ගින්නට හසුවීම හේතුවෙන් බොහෝ දෙනා උතුරු දෙසට ගමන් කර ඇති බව කියයි.
කෙසේ වෙතත්, ගින්න හේතුවෙන් මිනිස් ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බවද විදෙස් වාර්තා පවසයි.