කැනඩාවේ කියුබෙක් මුස්ලිම් පල්ලිය තුළ සිදුවූ විවෘත වෙඩි තැබීමෙන් මියගිය පිරිස 6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එම ප්‍රහාරයෙන් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.
කියුබෙක් ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානය තුළ පසුගිය ඉරිදා රාත්රියේදී මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී එහි 50කට ආසන්න පිරිසක් රැස්ව සිටි බව සඳහන් වෙයි.
මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බව කැනඩා බලධාරීන් පවසන අතර, එක් සැකකරුවෙකු ප්‍රහාරය සිදුවූ ස්ථානයේදී මෙන්ම, තවත් සැකකරුවෙකු ඒ ආසන්නයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය පිරිස වයස අවුරුදු 35 - 70ත් අතර වයසේ පසුවන අය වන අතර, තුවාල ලැබූ ඇතැම් අයගේ තත්ත්වය බරපතල බවද සඳහන් වෙයි.
සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා සිටියේ හිස් ආවරණ කරගත් පුද්ගලයන් දෙදෙනෙකු පල්ලිය තුලට කඩා වැදුණු බවයි. එහිදී, එක් ප්‍රහාරකයෙකු අල්ලාහු අක්බර් (දෙවියන් ශ්‍රේෂ්ඨයි) යනුවෙන් කෑමොර දෙමින් වෙඩි තැබීම සිදුකළ බවද හෙතෙම පවසා තිබේ.
අත්අඩංගුවට පත්වූවන් කියුබෙක් නගරයේ ලවාල් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් බව හඳුනාගෙන ඇති අතර, ඉන් එක් අයෙකු මොරොක්කෝ සම්භවයක් ඇති අයෙකු බවද හඳුනාගෙන තිබේ.