කාම්බෝජ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකින් එරට ප්‍රධාන විපක්ෂය විසුරුවා හැරීමට තීරණය කිරීමත් සමග ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී වත්මන් රජයට පැහැදිලි තරගයක් නොමැති බව කියයි.
කාම්බෝජ ජාතික ගලවාගැනීමේ පක්ෂය හෙවත් සී.එන්.ආර්.පී. පක්ෂය වත්මන් රජය පෙරලා දැමීම සඳහා කුමන්ත්‍රණය කරන ලදැයි යන චෝදනාව යටතේ මෙම අධිකරණ තීන්දුව ලැබී තිබේ.
එම විපක්ෂය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළත් මෙම අධිකරණ තීන්දුවත් සමග එම පක්ෂයේ සාමාජිකයන් 100 දෙනෙකුට වසර 5ක කාලයක් දේශපාලනය තහනම් කර තිබේ.
එමෙන්ම, මෙම අධිකරණ තීන්දුවත් සමග එරට මන්ත්‍රණ සභාවේ ආසන 123න්, ආසන 55ක් හිමි විරුද්ධ පක්ෂ සභිකයන්ට ඔවුන්ගේ තනතුරු අහිමි වන බවද කියැවෙයි.
කාම්බෝජයේ වත්මන් අගමැති හුන් සෙන් වසර 32ක කාලයක් එරට පාලන කරන අතර, මෙය එරට ප්‍රබල විපක්ෂය පසුගිය කාලයේදී අත්කරගත් ශක්මත් වර්ධනය මර්දනය කිරීමක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.