කාබුල් ඉරාක තානාපති කාර්යාලයට IS ප්‍රහාරයක්
ඇෆ්ගනිස්තානයේ, කාබුල් අගනගරයේ ඉරාක තානාපති කාර්යාලය ඉදිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සමග තානාපති කාර්යාලයට කඩා වැදුණු ත්රස්තයන් පිරිසක් සමග ආරක්ෂක අංශ වෙඩි හුවමාරුවකට මුහුණදී සිටියි.
ෂාර්-ඊනොව් ප්‍රදේශයේ පිහිටි තානාපති කාර්යාලයේ ඇතුළු වීමේ දොරටුව ආසන්නයේදී මරාගෙන මැරෙන බෝම්බකරු සිය බෝම්බය පුපුරුවාගෙන ඇති අතර, පසුව තුවක්කුකරුවන් තිදෙනෙකු කාර්යාල පරිශ්‍රයට ඇතුළු වී ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත්, මේ වනවිට තත්ත්වය පාලනය කර තිබුණත්, අතරින් පතර වෙඩි හඬ නැගෙන බවද විදෙස් වාර්තා පවසයි.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව ඉස්ලාම් රාජ්‍යයේ IS ත්රස්තයන් විසින් එම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණු අතර, පසුගිය කාලය පුරාවට මෙවැනි ම්ලෙච්ඡ ප්රහාරයන් රැසක් කාබුල් ආශ්‍රිතව වාර්තා විය.
කාබුල් නුවර සිටින බී.බී.සී. වාර්තාකරු පවසා ඇත්තේ මෙය එරට ඉරාක තානාපති කාර්යාලය වෙත එල්ල වූ ප්‍රථම ප්‍රහාරය බවයි.
එමෙන්ම, ඉරාකයේ මොසුල් නගරයේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් පරාජයට පත්කිරීම සැමරීම වෙනුවෙන් තානාපති කාර්යාලයේ උත්සවයක්ද පවත්වා තිබුණු අතර, එයද මෙම ප්‍රහාරයට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
.jpg)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
