ඇෆ්ගනිස්ථානයේ, කාබුල් නුවර ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 45ක් පමණ තුවාල ලබා ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ හා මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවද විදෙස් වාර්තා පවසයි.
අධිකරණ සංකීර්ණයේ මෝටර් රථ නැවතුම බෝම්බකරුවන්ගේ ඉලක්කය වී ඇති අතර, තුවාලකරුවන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
බෝම්බ ප්‍රහාරයේ වගකීම භාරගැනීම සඳහා මෙතෙක් කිසිවෙකු ඉදිරිපත්ව නැතත්, මේ ආකරයේ ප්‍රහාර තලේබාන් සංවධානය හෝ වෙනත් ජිහාඩ් සංවිධානයක් විසින් සිදුකරන්නට ඇති බව නොරහසකි.
බෝම්බකරුගේ ඉලක්කය වී ඇත්තේ අධිකරණයේ සේවය කරන්නන් බවත්, ඔවුන් රාජකාරී නිමවී නිවෙස් බලා යන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වීමෙන් එය තහවුරු වන බවත් ආරක්ෂක අංශ පවසයි.