දකුණුදිග චීනයේ නගරයක කසළ දහනය කිරීමේ පෝරණුවක් ඉදිකිරීමේ සැලසුම හේතුවෙන් පරිසර විනාශයක් සිදුවන බව පවසමින් දහස් ගණන් චීන වැසියෝ විරෝධතාවකට එක්ව සිටියහ.
ගුවන්ග්ඩොන්ග් හා හුයිෂු නගරයන්හි විරෝධතා පෙළපාලියට සහභාගී වූ පිරිස පොලීසිය විසින් පළවා හැර ඇති බවත්, ඇතැම් විරෝධතාකරුවන් රැඳවුම් භාරයට ගෙන ඇති බවත් වාර්තා වෙයි.
බලධාරීන් විසින් ඉතා රහසිගතව ක්රියාත්මක කිරීමට සැරසෙන මෙම සැලසුම මගින් පරිසරයේ වාතය අපවිත්රවීම ඉහළ යන බවත්, පානිය ජලමාර්ග දුෂණය වීම සිදුවන බවත් විරෝධතාකරුවෝ පවසති.
චීනයේ හන්ග්ෂූ නගරයේද මෙවැනිම ආකාරයේ පෝරණුවක් ඉදිකිරීමට එරෙහිව ජනතාව වීදි බැසීමෙන් පොලීසිය හා ජනතාව අතර ගැටුම්වලින් පුද්ගලයන් 40ක් පමණ තුවාල ලැබීය.