ඇමෙරිකානු කඳු නගින්නන් දෙදෙනෙකුගේ දේහයන් හිමාලය ආශ්රිතව ඔවුන් අතුරුදන්ව වසර 16කට පසුව හමුවී තිබේ.
හිම කඳු කඩා වැටීමකින් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු එවකට ලොව ප්රකට කඳු නගින්නෙකු වූ අලෙක්ස් ලෝවේ ය.
වර්ෂ 1999 ඔක්තෝබර් මාසයේදී ටිබෙටයේ ෂිෂ්පන්ගමා කන්ද තරණය කරමින් සිටියදී ඇලෙක්ස් හා ඔහු සමග ගිය ඡායාරූප ශිල්පී ඩේවිඩ් බ්රිජර්ස් දැවැන්ත හිම කඳු කඩා වැටීමකට හසු වී තිබුණි.
පසුගිය සතියේදී තවත් කඳු නගින්නන් දෙදෙනෙකු විසින් ඔවුන්ගේ මළ සිරුරු සොයාගෙන තිබුණු අතර, ඒවා අයිස් අතර පවතින බව කියැවෙයි.
මේ අතර, ඇලෙක්ස්ගේ බිරිඳ වූ ජෙනිෆර් ලොවේ-අන්කර් පවසා සිටියේ තම ස්වාමි පුරුෂයා බොහෝ කාලයක් අයිස් අතර රැඳී සිට ඇති බවයි.