වර්ෂ 1985 දී නැෂනල් ජියෝග්රෆික් සඟරාවේ මුල් කවරය සරසමින් වඩාත් කතාබහට ලක්වූ තරුණිය පසුගියදා යළිත් කතාබහට ලක්වී තිබේ.
ෂර්බාත් ගූලා නමැති ඇය ඇෆ්ගන් යුද්ධය හේතුවෙන් පළාවිත් පාකිස්තාන කඳවුරක දිවි ගෙවන විට ස්ටීව් මැක්රී නමැති ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචරයේ මෙසේ සටහන් විය.
අද දරුවන් සිව්දෙනෙකුගේ මවක ලෙස ජීවිතය ගෙවන ඇය පාකිස්ථානයෙන් පිටුවහල් කිරීමෙන් පසුව යළිත් ඇෆ්ගනිස්ථානයේ, කාබුල් නුවර පදිංචිව සිටියි.
තමාට යළිත් සාමාන්‍ය ජීවිතයක් දැකීමේ සිහිනයක් පවතින බව ඇය මෑතකදී බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.
එවකට ඇගේ ඡායාරූපය කැමරාවකට හසුවූ බවට මතකයක් තිබුණත්, තමා ලොව පුරා මෙතරම් ජනප්‍රිය චරිතයක් බව වසර 17ක් යනතුරුම ඇය නොදන සිටි බවද කියැවෙයි.

.jpg)