ඖෂධ අධි මාත්රාවක් ගෙන තහනම් ගෙඩි කෑ අය මරුට
ලිංගික උත්තේජනයක් ලබාගැනීම සඳහා අධි මාත්රාවකින් ඖෂධයක් ලබාගැනීම හේතුවෙන් නයිජීරියානු ජාතික තිදරු පියෙකු හෝටල් කාමරයක් තුළ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
වයස අවුරුදු 30 ගණන්වල පසුවූ දරුවන් තිදෙනෙකුගේ පියෙකු යැයි කියන මෙම පුද්ගලයා, පෙම්වතියක සමග හෝටල් කාමරයකට ගොස් මෙසේ අධි මාත්රාවකින් ඖෂධයක් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
ව්යාඝ්රා ලෙස සැලකෙන ප්රකට ඖෂධය ආකාරයේම වෙනත් ඖෂධයක් මෙම තැනැත්තා භාවිත කර ඇති බව පරීක්ෂණවලදී හෙලිවුණු බව පොලීසිය කියයි.
කෙසේ වෙතත්, මොහුගේ මරණයෙන් පසුව ඔහු සමග පැමිණි පෙම්වතිය එම ස්ථානයෙන් පළාගොස් තිබේ.
මොහු විවාහකයෙකු බැවින්, ඔහුගේ මරණය නිවැසියන්ට දැන්වූවත්, ඔවුන්ගේ තීරණය අනුව අවසන් කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කර ඇත.
ලිංගික උත්තේජනයක් ලබාගැනීම සඳහා මෙවැනි ඖෂධ අධි මාත්රාවක් භාවිත කිරීම අතිශය භයානක වන අතර, බොහෝ විට එවැනි අවස්ථාවල ජීවිතය කෙළවර වීමෙන්ම ඒ සුළු මොහොතක ආස්වාදය කෙළවර වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
