ඇමෙරිකාවේ, ඔහියෝ ප්රාන්තයේ සැණකෙළි භූමියක සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
ඔහියෝ ප්රාන්තයේ, කොලොම්බස් නගරයේ පැවති මෙම සැණකෙළිය සඳහා යොදාවා තිබූ fireball ride නැමති ක්රීඩා යන්ත්රයේ නැගී විනෝද වෙමින් සිටි පිරිසක් මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇති අතර, වේගයෙන් පැද්දෙමින් කැරකෙන එම යන්ත්රයෙන් ඇතමෙකු පිටතට වීසිවී ඇති බවද සඳහන් වෙයි.
ප්රාන්ත බලධාරීන් පවසන පරිදි අනතුරට පත්වූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල වෙයි.
මේ අතර, ප්රාන්ත ආණ්ඩුකාර ස්ටීව් මාටින් පවසා සිටියේ මෙම අනතුරත් සමග සැණකෙළියේ සියලු විනෝද ක්රීඩා තාවකාලිකව නවතා දමන ලෙස නියෝග කළ බවයි.
එමෙන්ම, අදාළ සැණකෙළිය සංවිධානය කළ පිරිස් මෙන්ම, ඒ යොදවා තිබූ විනෝද ක්රීඩා යන්ත්රවල පැවති ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බවද ආණ්ඩුකාරවරයා අවධාරණය කර තිබේ.

