ඔස්ට්‍රේලියනු වෙරළට පැමිණි දැවැන්ත ජීවියා හඳුනනවාද ?
ඔස්ට්‍රේලියාවේ, ටස්මේනියානු වෙරළට ගසාගෙන පැමිණි දැවැන්ත ජීවියා කුමන මාදිලියේ සත්වයෙකුද යන්න වර්ග කිරීමට විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටින බව පැවසෙයි.
මීටර් එකහමාරක පමණ වට ප්‍රමාණය සහිත දැවැන්ත ජෙලිෆිෂ් සත්වයෙකු ලෙස සැලකිය හැකි මෙම ජීවියා ටස්මේනියාවේ හොබාට් වෙරළට දකුණින් හමුවී ඇත.
ඔස්ට්‍රේලියානු රජයට අනුබද්ධිත, පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනයේ ජෙලිෆිෂ් සත්වයන් පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය ලීසා-ඈන් ගර්ෂ්වින් පෙන්වා දෙන්නේ මෙවැනි සතුන් පිළිබඳ මීට පෙර විද්‍යාඥයන් දැනගෙන සිටියද, මේ කවර මාදිලියක සත්වයෙකුද යන්න තවමත් වර්ග කිරීමකට ලක්කර නොමැති බවයි.
වෙරළේ ඇවිදීමට පැමිණි ජෝසි ලිම් පවුලේ උදවිය මෙම ජෙලිෆිෂ් වර්ගයට අයත් සත්වයා මුලින්ම දැක තිබේ.
පසුගිය වසර කිහිපය ඇතුළත ටස්මේනියානු වෙරළ තීරයෙන ජෙලිෆිෂ් වර්ගයේ විවිධ ජීවීන් හමුවන බව පෙන්වාදෙන ලීසා-ඈන් පවසන්නේ, ඒ ආකාරයේ අමුතු ජෙලිෆිෂ් ජීවීන් මේ කලාපයෙන්ම හමුවන්නේ කුමන කරුණක් නිසාද යන්න ඔවුන් තවමත් නොදන්නා බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

