ඔස්ට්‍රේලියාවේ සිදුවූ වෙඩි තැබීමකින් එකම පවුලේ සාමාජිකයන් 07 දෙනෙකු මියයෑමේ සිද්ධිය තවමත් අභිරහසක්ව පවතින බව විදෙස් වාර්තා පවසයි.
බටහිර ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය ප්‍රදේශයක් ලෙස සැලකෙන ඔස්මින්ග්ටන් හි සිදුවූ මෙම ඛේදවාචකයේදී කත්රිනා මයිල්ස් සහ ඇගේ දරුවන් සිව්දෙනා මෙන්ම දෙමවුපියන්ද ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මෙම මරණ සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ගේ ඥාතීන්ද උභතෝකෝටිකයක පසුවන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, පොලීසිය විශ්වාස කරන්නේ මියගිය අය අතර ඝාතකයාද සිටින්නට හැකි බවයි.
කැත්රීන්ගේ පියා වන පීටර් මයිල්ට අයත් ගිනි අවි තුනක් මෙම ඝාතන සිදුවූ ස්ථානයේ තිබී සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.