ඔස්ට්‍රේලියානු නගර කිහිපයක් දැවැන්ත දූලි කුණාටුවකින් වැසී එම සම්පූර්ණ පළාතම තැඹිලි වර්ණයෙන් වැසී ගිය බව එරට වාර්තා පවසයි.
මෙම දූලි කුණාටුව නිරිතදිග ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ චාර්ලිවිල් ප්‍රදේශය පුරා පැතිර ගිය බවත්, මේ හේතුවෙන් ගස් කඩා වැටීම් ආදිය පිළිබඳ වාර්තා වී ඇති බවත් එම වාර්තාවල සඳහන් වෙයි.
මෙම අසාමාන්‍ය දූලි කුණාටුව දැක්වෙන ඡායාරූප ප්‍රදේශවාසීන් විසින් සමාජජාල මාධ්‍ය හරහා හුවමාරු කරගෙන තිබේ.
බලධාරීන් පවසන්නේ වත්මන් කාලගුණික තත්ත්වයේ ඇති වූ වෙනස්කම් හේතුවෙන් ඇති වූ ප්‍රබල සුළං ධාරාවන් නිසා මෙම දූලි කුණාටුව එම පළාත පුරා විසිරී ඇති බවයි.