උතුරුදිග ඔස්ට්‍රේලියාවේදී සංචාරක උපදේශකයෙකු විසින් සුදු කිඹුලෙකුගේ දුර්ලභ දසුනක් දැක තිබේ.
ඩාර්වින් ප්‍රදේශයේ ගලා බසින ඇඩලෙයිඩ් ගංගාවේ සිටියදී මෙම කිඹුලා දුටු බව හෙතෙම පවසා ඇත.
මේ අතර, පර්ල් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම කිඹුලා මීට පෙර තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේම ඇස ගැටී ඇත.
මෙම සත්වයා ගංගාවේ සිටින ආකාරය නිරීක්ෂණය කළ පුද්ගලයෙකු පවසා සිටියේ දිගින් අඩි 10ක් පමණ දිග කිඹුලා සුදු වර්ණයෙන් යුතු බවයි.
වන සත්වවේදීන් පිළිබඳ විශේෂඥයෙකු පවසා සිටියේ කිඹුලාගේ ශරීරයේ මෙලනින් මට්ටම ඉතා පහළ මට්ටමක පැවතීම මේ ආකාරයේ සිදු වර්ණයක් කුඹාලට ලැබීම හේතු වී ඇති බවයි.