මිතුරු පිරිසක් සමග විනෝදවෙමින් සිටි ඔස්ට්‍රේලියානු රාජතාන්ත්‍රික නිලධාරියෙකු ඇමෙරිකාවේ, නිව්යෝක් නුවර මහල් නිවාසයක සඳලුතලයකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
30 හැවිරිදි ජූලියන් සිම්ප්සන් එම මහල් නිවාසයේ හත් වැනි මහලේ සඳලුතලයෙන් වැටී ඇති අතර, ඔහු දෙවැනි මහල වෙත පතිත වී සිටි බව පොලීසිය පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියාව නියෝජනය කරන කණිෂ්ඨ රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලෙස ඔහු සේවය කර ඇති බව කියැවෙයි.
අලුයම 1.00ට පමණ පොලීසිය වෙත ලැබුණු හදිසි ඇමතුමකට අනුව ඔවුන් එම ස්ථානයට පැමිණ තුවාලකරු රෝහල්ගත කරන විටත් ඔහු ජීවතුන් අතර නොසිටි බව කියැවෙයි.