ඔස්ට්‍රේලියාවට වෙත අනවසරයෙන් ගෙන ගොස් තිබුණ ඓතිහාසික වටිනාකමක් සහිත ඉන්දියානු ප්‍රතිමා දෙකක් ඊයේ (05දා) යළි ඉන්දියාවට භාරදීම සිදුවූ බව වාර්තා වෙයි.
දින දෙකක නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණි ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් එම ප්‍රතිමා දෙක සිකුරාදා දිල්ලි නගරයේදී අගමැති නරේන්ද්‍ර මෝදි වෙත භාරදී තිබුණි.
එම ප්‍රතිමා හින්දු දේව ත්රිත්වයෙහි එක අංගයක් වන ශිව දෙවියන් නිරූපණය කරනු ලබන ඒවා බව පැවසෙන අතර, හින්දු විශ්වාසයන්ට අනුව බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව හින්දු දේව ත්‍රිත්වය ලෙස සැලකෙයි.
ඔස්ට්‍රේලියාව ඉන්දියාවට භාර දෙනලද එක් ප්‍රතිමාවක් තඹවලින් නිමවා ඇති අතර දෙවැන්න පාෂාණමය නිමැවුමක් බව පැවසෙයි.