2016 වසර තුළ ඔස්ට්‍රේලියාවේ සරසවි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගෙන් අඩකට වැඩි පිරිසක් නොයෙක් හිරිහැරයන්ට පත්ව ඇති බව සංගණනයකින් අනාවරණය වී තිබේ.
ඒ යටතේ, ඔස්ට්‍රෙලියානු මානව හිමිකම් කොමිසම විසින් එළිදක්වා ඇති වාර්තාවකින් පෙන්වා දෙන්නේ 2015 හෝ 2016 යන වසරවල අඩුම තරමින් එක් වරක්වත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7%ක් ලිංගික අඩම්තේට්ටම්වලට ලක්ව ඇති බවයි.
එහිදී, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්ට වඩා සිසුවියන් මෙවැනි හිංසනයන්ට ලක්ව ඇති බවත් එම කොමිසම අවධාරණය කරයි.
ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් මුහුණදෙන හිංසනයන් පිළිබඳව මෙවැනි සංගණනයක් සිදුකෙරුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙසද සැලකෙයි.