ගුවන් යානයක් බිම දැමීම සඳහා සැලසුම් කළ ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාර සැලසුමක් ව්‍යර්ථ කිරීමට හැකි වූ බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි.
ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි නුවර පුරා සිදුකළ ප්‍රති-ත්‍රස්ත මෙහෙයුමකදී සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
ඔවුන් හදිසියෙන් සාදාගත් බෝම්බයක් හෝ කිසියම් උපකරණයක් යොදා ගනිමින් ගුවන් යානයක් බිම හෙළීම සඳහා සැලසුමක් පවතින බවට වූ බුද්ධි තොරතුරු මත මෙම වැටලීම සිදුකළ බවත්, එහිදී ත්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට පත්වූ බවත් සඳහන් වෙයි.
අගමැතිවරයා සඳහන් කළේ මෙම මෙහෙයුම එරට සිදුවූ ඉතා ප්‍රබල ප්‍රති-ත්‍රස්ත ඒකාබද්ධ මෙහෙයුමක් බවයි.
මේ අතර, ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර හා රටින් පිටතට යන ජාත්‍යන්තර ගුවන් යානාවල ආරක්ෂාවටද අමතර ආරක්ෂක පියවර ගෙන ඇති බවද අගමැතිවරයා අවධාරණය කරයි.
මේ අතර, ඔස්ට්‍රේලියාවේ ජාතික ත්‍රස්ත අවදානම ප්‍රහාරයක් සිදුවිය හැකි මට්ටමේ පවතින බවද සඳහන් වෙයි.
