ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වූ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බව විදෙස් වාර්තා පවසයි.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ සාමාන්‍ය වටිනාකම ඇ.ඩො.මිලියන 258ක් (රු.කෝටි 3,800ක්) පමණ වන බවත්, වසර දෙකක කාලයක් පුරා එරට පොලීසිය සිදුකළ සියුම් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් සඳහන් වෙයි.
නත්තල් දිනයේදී සිඩ්නි නගරයට උතුරින්, බෘක්ලීන් හිදී කොකේන් කිලෝ ග්‍රෑම් 500ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එය තහීට් හිදී තවත් කොකේන් කිලෝ ග්‍රෑම් 600ක් අත්අඩංගුවට ගැනීම හා සමගාමීව සිදුව ඇත.
පොලීසිය විශ්වාස කරන්නේ මෙම මත්ද්‍රව්‍ය ඔස්ට්‍රේලියාවේ අලෙවියට ගෙන එන්නට ඇති බවයි. එම මත්ද්‍රව්‍ය දකුණු ඇමෙරිකාවේ සිට ඔස්ට්‍රේලියාව වෙත ගෙන එන්නට ඇති බවද විශ්වාස කෙරෙයි.
.jpg)