ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි නුවර වෙරළ තීරයක පැවති නත්තල් සාදයකින් පසුව කිලෝ ග්‍රෑම් 15,000ක් ඉක්මවන කුණු ගොඩක් එකතු වීමත් සමග එම වෙරළ තීරයේ මත්පැන් පානය සම්පූර්ණයෙන් තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
කූගී වෙරළ තීරය ලෙස සැලකෙන ජනතාව අතර ජනප්‍රිය මෙම වෙරළ තීරය නත්තල් දිනය දා 10,000කට අධික ජනයාගෙන් පිරී ගොස් ඇති අතර, හිස් මත්පැන් බෝතල්, දුම්වැටි පෙට්ටි සහ පැමිණ සිටි පිරිස් රැගෙන ආ තවත් කුණු රැසක් මේ මහා කුණු කන්දට එකතුව තිබූ බව කියැවෙයි.
රැන්ඩ්වික් නගර සභාව විසින් මෙම තහනම පනවා ඇති අතර, ඔවුන් පෙන්වා ඇත්තේ එම නත්තල් සාදය නින්දිත අයුරින් අවසන් වී ඇති බවයි.
ඔස්ට්‍රේලියාවේ ගිම්හාන සෘතුව සාමාන්‍යයෙන් දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ පවතී.
.jpg)
.jpg)