ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය ජාතික විනෝද්යානයක් වන උලුරු වනෝද්‍යානය ආශ්‍රිතව ඇති වි තිබෙන වාර්තාගත වර්ෂාපතනයත් සමග වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම දැඩි වර්ෂාවත් සමග වනෝද්‍යානයේ උස් ප්‍රදේශ රැසක නොදුටු දිය ඇළි නිර්මාණය වී ඇති අතර, වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ආයර්ස් රොක් කඳුවැටියේද දිය ඇළි රැසක් නිර්මාණය වී ඇති බව විනෝද්‍යාන බලධාරීහු පවසති.
ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙම කාලගුණික තත්ත්වය ශතවර්ෂයක කාලය තුළ දෙවරක් පමණක් ඇතිවන තත්ත්වයක් බවයි.
මෙම දැඩි වර්ෂාව හේතුවෙන් වනෝද්‍යානය ආසන්නයේ වූ කින්ටෝර් නගරයද ජලයෙන් යටවීම නිසා එහි නිවැසියන් ආරක්ෂිත ස්ථාන කර යොමු කිරීමටද ඔස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
