ලොවෙන් වඳවී යාමේ තර්ජනයට දැඩිව නතුව සිටින ඔරං උටං සතුන් 100,000කට අධික පිරිසක් වර්ෂ 1999 සිට මේ දක්වා බොර්නිඕ දූපතේදී ඝාතනය වී ඇති බව අනාවරණය වෙයි.
ලෝකයේ තෙවැනි සහ ආසියාවේ විශාලතම දූපත ලෙස සැලකෙන බොර්නිඕ දූපත නිජබිම කරගෙන ජීවත්වන මෙම ඔරං උටං සත්වයන් සම්බන්ධයෙන් වසර 16ක් පුරා ජර්මානු විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම අවාසනාවන්ත තොරතුර අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.
වනාන්තර හෙළි පෙහෙළි කිරීම, දැව සඳහා වනාන්තර කැපීම, පාම් තෙල්, පතල් කැණීම් සහ කඩදාසි කම්හල් සඳහා වනාන්තර බිම් පෙදෙස් යොදාගැනීම නිසා බොර්නිඕ දූපතේ ඔරං උටං සතුන්ට ජීවත්වීමට පවතින ඔවුන්ගේ ස්වභාවික නිජභූමිය ඉතා වේගයෙන් ඔවුන්ගෙන් දුරස්වන බව එම පර්යේෂණ කණ්ඩායම තහවුරු කරගෙන ඇත.
එමෙන්ම, ඔරං උටං සත්වයන් විශාල ප්‍රමාණයක් එකවර ඝාතනය කළ අවස්ථා පිළිබඳවද තොරතුරු පවතින බව පවසන එම පර්යේෂකයන්, මේ වනවිට වනාන්තර පවතින ප්‍රදේශවල පවා මෙම සතුන් බහුලව දැකගැනීමට නොහැකි අවාසනාවන්ත තත්ත්වයක් පවතින බව තහවුර කරගෙන තිබේ.