ඔබාමාගේ සොහොයුරාගේ ඡන්දයත් ඩොනල්ඩ් ට්රම්ප්ට
ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ අඩ-සොහොයුරු මලීක් ඔබාමා තමාගේ ඡන්දය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් වෙත ලබාදෙන බව පවසා තිබේ.
තම සොහොයුරු ජනපති බරැක් ඔබාමා ඩිමොක්රටික් පක්ෂ ජනාධිපතිවරයෙකු වුවත්, තමා මෙවර මැතිවරණයේදී ට්රම්ප් තෝරාගැනීමට හේතුව, ඔහු සෘජු මිනිසෙකු නිසා බවද මලීක් පවසා ඇත.
කෙන්යානු හා ඇමෙරිකානු ද්විත්ව පුරවැසිභාවයක් හිමි මුස්ලිම් ජාතිකයෙකු වන මලීක් මේ වනවිට ඇමෙරිකාවේ ජීවත් වන අතර, තමා බලයට පත්වීමෙන් පසුව මුස්ලිම් ජාතිකයන් ඇමෙරිකාවට ඇතුළු වීම තාවකාලිකව නැවැත්වීම සඳහා යෝජනාවක් ගෙනෙන බවට ට්රම්ප් පවසා තිබියදීත් මලීක්ගේ මෙසේ ඔහු වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කර ඇති බව බී.බී.සී.ය කියයි.
බරැක් ඔබාමා කෙන්යානු පියෙකුට හා ඇමෙරිකානු මවකට දාව හවායි හි ඉපදුණු අතර, පසුව ඔහුගේ කේන්යානු පියා ඔහු අත්හැර ගියේය. ඒ පියාට දාව උපන් දරුවන් අතර මලීක් යනු ඔබාමාගේ අඩ-සොහොයුරෙකි.
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

