ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් නෙදර්ලන්තයට ගොස් සිටි එරට රහස් ඔත්තු සේවයේ නිරත නිලධාරීන් තිදෙනෙකු අයහපත් හැසිරීම හේතුවෙන් නැවතත් ඇමෙරිකාවට පිටත් කර යවා ඇති බව වාර්තා වෙයි.
වොෂිංටන් පෝස්ට් පුවත්පත පෙන්වා දෙන පරිදි නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හෝටලයකදී අධික ලෙස මත්පැන් පානය කිරීමත්, හෝටලයෙන් පිටතට යෑමත් මූලික කරගෙන ඔවුන් තිදෙනා මෙසේ නැවත සිය රට යවා තිබේ.
ඇමෙරිකානු රහස් ඔත්තු සේවා මාධ්‍ය ප්‍රකාශකගෙන් මේ පිළිබඳ විමසා සිටියදී ඔහු මොවුන්ගේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් පිළිබඳ පරීක්ෂණ සිදුකරන තුරු අනිවාර්යය නිවාඩු යවා ඇති බව පමණක් පෙන්වා දී තිබේ.
2013 වසරේදී ඔබාමාගේ ආරක්ෂාවට සිටි රහස් ඔත්තු සේවා නිලධාරීන් දෙදෙනෙකුද ජනාධිපති ආරක්ෂක සේවයෙන් ඉවත් කර ඇති අතර, ලිංගික බලහත්කාරකමක් සහ විෂමාචාර ක්‍රියාවක් පිළිබඳව ඔවුන් චෝදනා ලැබ තිබිණි.
න්‍යෂ්ටික බලශක්ති සමුළුව වෙනුවෙන් ජනාධිපතිවරයා නෙදර්ලන්තයට ගොස් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී තිබේ.