පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටේර්ටා ඇමෙරිකානු ජනාධිපතිවරයා වෛශ්‍යාවකගේ පුත්‍රයෙකු ලෙස හැඳින්වීමත් සමග නායක දෙපළ අතර පැවැත්වීමට තිබූ හමුවක් ඔබාමා විසින් අවලංගු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
පිලිපීනය තුළ මත්ද්‍රව්‍ය පාලනය සඳහා ජනපති ඩුටාර්ටේ ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ විවේචනයට පිළිතුරු ලෙස ඩුටාර්ටේ මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත.
පිලිපීන ජනපතිවරයා සාමාන්‍යයෙන් මෙවැනි වාග් ප්‍රහාරවලට ප්‍රසිද්ධියක් උසුලන අතර, ඔහු එය ලෝකයේ කිසිදු ජගතෙකු ඉදිරියේ හිස නොනමන නායකයෙකු ලෙසද සැලකෙයි.
කෙසේ වෙතත්, ආසියාන් සමුළුව අතරතුර රාජ්‍ය නායක දෙපොළ අතර පැවතීමට තිබූ හමුව මෙම වාග් ප්‍රහාරය හමුවේ ඉවත දැමීමට ඔබාමාට සිදුවිය.