දේශගුණික විපර්යාසවලට එරෙහිව ඇමෙරිකාව විසින් එතෙක් මෙතෙක් ගෙන ඇති දැවැන්ත සහ අතිශය වැදගත් පියවර පිළිබඳව එරට ජනාධිපති බරැක් ඔබාමා කතා කර තිබුණි.
ඒ අනුව ඉදිරි වසර 15ක කාලයකදී ඇමෙරිකානු බලාගාර මගින් සිදුවන හරිතාගාර වායු විමෝචනය කපා හැරීම මෙහි මූලිකම අවස්ථාව ලෙස සඳහන් වෙයි.
විශේෂයෙන්ම 2005 වසරේ සිට 2030 කාලය තුළ ඇමෙරිකානු බලාගාර හරහා සිදුවන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 32% කින් කප්පාදු කිරීමට ඔවුන් කටයුතු යොදා තිබුණු අතර, ඉදිරි කාලයේදී හෝ මේ තත්ත්වය පාලනය සඳහා අවශ්‍ය වන පාරිසරික නීති සහ රෙගුලාසි අලුතින්ම ගෙන ඒමට ඔබාමා මෙහිදී කටයුතු යොදා තිබේ.