නව ජනපති ලෙස ඩොනල්ඩ් ට්රම්ප් දිවුරුම්දීමෙන් පසුව හිටපු ජනපති බරැක් ඔබාමා, ආර්යාව මෙන්ම, හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් හා ආර්යාව ගුවනින් නික්ම ගියහ.
ඔවුන් රැගෙන යාම සඳහා එක්සෙකටිව් වන් යනුවෙන් නම් කළ හමුදා හෙලිකොප්ටර් යානයක් පැමිණ සිටි අතර, ඩොනල්ඩ් ට්රම්ප් හා ආර්යාව විසින් මේ පිරිස හෙලිකොප්ටරය වෙත කැඳවාගෙන යනු ලැබීය.
එහිදී, නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කළ ඔවුහු සාම්ප්රදායානුකූලව හෙලිකොප්ටරයේ නැගී පිටත්ව ගියහ.
අනතුරුව ඔබාමා සිය පවුලේ සාමාජිකයන් සමග නිවාඩුවක් ගත කිරීමට යන බවද විදෙස් වාර්තා පවසා තිබුණි.