විලියම් කුමාරයාගේ සහ කේට් කුමරියගේ වැඩිමහලු පුත් බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් කුමරු සිව්වැනි උපන්දිනය වෙනුවෙන ඔහුගේ නිල ඡායාරූපයක් රජමාලිගය එළිදක්වා තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්නට හිමිකම් කියන ජෝර්ජු කුමරා ලන්ඩනයේ කෙන්සිංටන් මාලිගයේ සිට මෙම ඡායාරූපයට පෙනී සිට ඇති අතර, එය රජ මාලිගයේ නිල ඡායාරූප ශිල්පී ක්‍රිස් ජැක්සන් විසින් ගනු ලැබූවකි.
වර්ෂ 2013 ජූලි 22 වැනිදා උපත ලැබූ ජෝර්ජ් කුමරු ලබන වසරේ සිට පාසල් අධ්‍යාපනයද ඇරඹීමට සූදානමින් සිටින අතර, ඔහු සිය දෙමවුපියන් සමග කෙන්සිංටන් මාලිගයේ හැදී වැඩෙන්නේ නැගෙණියගේද සුරතල් මධ්‍යයේය.
මේ අතර, සිය සිව්වැනි උපන්දිනය වෙනුවෙන් ජෝර්ජ් කුමරුට පෝලන්තයේ සහ ජර්මනියේ දින 5ක සංචාරයකටද අවස්ථාව ලැබී ඇති අතර, මේ සඳහා විලියම් කුමරු, කේට් කුමරිය මෙන්ම ජෝර්ජ්ගේ කුඩා නැගෙනියද එක්ව ඇත.

.jpg)
.jpg)
.jpg)
.jpg)