2015 වසරේදී නේපාලයේ ඇති වූ භූ කම්පනයෙන් පසුව එවරස්ට් කන්ඳේ උස ප්රමාණයේ වෙනසක් සිදුව තිබේද යන්න සොයා බැලීම සඳහා නැවත එහි උස ගණනය කිරීමට ඉන්දීය රජය සූදානම් වෙයි.
ඉන්දිය මිනුම්පති ස්වර්ණා සුබා රාඕ පවසා සිටියේ කන්දේ උස නැවත ගණනය කිරීම ඉදිරි මාස දෙකක කාලය තුළ සිදුකෙරෙනු ඇති බවයි.
කෙසේ වෙතත්, සැටලයිට් දත්තවලට අනුව භූ කම්පනයෙන් කන්දේ උසට එතරම් බලපෑමක් සිදුව නොමැති බවද සඳහන් වෙයි.
මීට වසර 62කට පෙර ඉන්දියාව විසින් සිදුකළ ගණනය කිරීම්වලදී එවරස්ට් කන්දේ උස සටහන්ව තිබුණේ මීටර් 8,848 ක් (අඩි 29,028ක්) ලෙසයි.