සිම්බාබ්වේ ජනපති ධුරයෙන් රොබට් මුගාබේ ඉල්ලා අස්වීමට නිවේදනය කිරීමත් සමග එරට නව ජනපති ලෙස හිටපු උප ජනාධිපති එමර්සන් මිනන්ගග්වා හෙට (24දා) දිව්රුම් දීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
හිටපු ජනපති මුගාබේ විසින් ධුරයෙන් පහ කිරීමත් සමග රටින් පිටව ගිය හිටපු උප ජනාධිපතිවරයා ඊයේ දිනයේදී යළි සිය රටට පැමිණ තිබුණි.
මුගාබේ විසින් සිය බිරිඳ වන ග්රේස් මුගාබේ වෙත ජනපති ධුරය ලබාදීමේ උපක්රමයක් ලෙස එමර්සන් ධුරයෙන් පහ කරනු ලැබූවත්, අවසානයේදී ඒ ක්රියාවලියම පාරා වළල්ලක් බවට පත්ව මුගාබේ පවුලටම ගෙදර යෑමට සිදුවිය.
71 හැවිරිදි වියේ පසුවන එමර්සන් මුගාබේ ජනපතිවරයාගේ ධුරය කාලය අවසන් වනතුරු සිම්බාබ්වේ ජනපති ධුරයේ කටයුතු කරනු ඇත.
ඉන් අනතුරුව 2018 සැප්තැම්බර් මාසයේ යළි ජනාධිපතිවරණය පැවැත්වීම සැලසුම වී ඇති බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි.