එබෝලා වෛරසය තුරන් කරන එන්නතක් සොයාගනී
මාරාන්තික එබෝලා වෛරසයට ප්‍රතික්‍රියා දක්වන එන්නතක් සොයාගෙන ඇති බවත්, එය වර්ෂ 2018 සිට නිකුත් කෙරෙනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එබෝලා වෛරසයෙන් බලවත්ව බැටකෑ රාජ්‍යයක් වන බටහිර අප්‍රිකාවට අයත් ගිනියාවේදී මෙම එන්නත පරීක්ෂණ මට්ටමින් යොදාගනිමින් පවතින අතර, එමගින් වෛරසයට එරෙහිව 100% ක ප්‍රතිශක්තීකරණයක් ලැබෙන බවද ලෝක සෞක්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව, නීතිරෙගුලාසි අනුව ඉදිරියේදී මෙම එන්නත නිකුත් කිරීම සඳහා දැඩි සෝදිසියක් මේ වනවිට සිදුවෙමින් පවතින බවද විදෙස් වාර්තා පවසයි.
මර්ක් නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කර ඇති මෙම සුවිශේෂී rVSV-ZEBOV එබෝලා එන්නත එම වසංගතය ලෝකයෙන් තුරන් කරනු ඇති බවත්, දැනට මෙම එන්නත ලබාදී ඇති එබෝලා වැළඳුණු රෝගීන් 6,000ක් එම එන්නත ලබාදීමෙන් දින 10කට පසුව සම්පූරණයෙන්ම එම වෛරසයෙන් නිදහස්ව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, එම එන්නත ලබා නොදුන් පුද්ගලයන් 6,000කට දින 23කට පසුව යළි එබෝලා වෛරසයේ ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
බටහිර අප්‍රිකානු රාජ්‍යයන් මූලික කරගනිමින් පැතිරුණු එබෝලා වෛසරය හේතුවෙන් පුද්ගයන් 11,000ක් ජීවිතකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

